මෙවර ශ්‍රීපාද වන්දනාවාරය ඊයේ (04දා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ බව ශ්‍රීපාද භාරකාර තල්ගස්කන්දේ වජිර හිමියෝ පැවසූහ.
ශ්‍රීපාද මළුවේ තැන්පත්කර තිබෙන සධාතුක කරක්ෂුව, සමන්දේව ප්රතිමාවන්, දේව ආභරණ සහ පූජා භාණ්ඩ අද (05දා) දහවල් ශ්‍රීපාද මළුවේ පැවැත්වෙන විශේෂ පූජාවකින් පසුව රත්නපුර හා හැටන් මාර්ග ඔස්සේ පෙරහරින් වඩම්වා නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේ තැන්පත් කිරීමට නියමිතය.
ඉන් අනතුරුව හෙට රාත්‍රියේ එහි සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පවත්වා 6දා අලුයම නල්ලතන්නිය සිට පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානය දක්වා එම සධාතුක කරක්ෂුව, දේව ප්රතිමාවන් සහ පූජා භාණ්ඩ වැඩමකරවන බවද වජිර හිමියෝ පැවසූහ.