ශ්‍රීපාද වන්දනා වාරය අද (30දා) අලුයම ශ්‍රීපාද මළුවේ පැවැත්වෙන විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව අවසන් ෙකරෙන බව ශ්රීපාදස්ථානාධිපති, සබරගමුව පළාත් ප්‍රධාන සංඝානායක හා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න හිමියෝ පැවසූහ.
මේ අනුව ශ්‍රීපාද උඩුමළුවේ තැන්පත් කර තිබෙන සදාතුක කරඬුව, සමන් දේව ප්රතිමාවන් සහ දේවාභරණ උඩු මළුවේ සිට රත්නපුර රජ මාවත ඔස්සේ එක් පෙරහරකින්ද, ශ්‍රීපාද උඩු මළුවේ සිට නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය දක්වා තවත් පෙරහරකින්ද වැඩම කර, පසුව පෙරහර දෙකක් වශයෙන් පැල්මඩුල්ල රජමහ විහාරය දක්වා වැඩම කරන බව උන්වහන්සේ පවසා සිටියහ.
ඉන් එක් පෙරහරක් බගවන්තලාව - බලන්ගොඩ මාර්ගය ඔස්සේද, තවත් පෙරහරක් නල්ලතන්නිය, ලක්ෂපාන, යටියන්තොට, අවිස්සාවේල්ල, රත්නපුර හරහා පැල්මඩුල්ල රජමහ විහාරය දක්වාද වැඩම කිරීමට නියමිතය.
මෙම සියලු පෙරහර රාජ්‍ය අනුග්‍රහය ඇතිව රිය පෙරහරක් වශයෙන් පැවැත්වීමට නියමිත අතර, එසේ මාර්ග තුනක් ඔස්සේ වැඩම කරනු ලබන සදාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ අද (30දා) දිනයේ පැල්මඩුල්ල රජමහ විහාරස්ථානයේ ගමන් මාළිගාව තුළ තැන්පත් කර, පසුදා (01දා) විශේෂ පෙරහරක් මගින් සදාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ පැල්මඩුල්ල ගල්පොතතාවල රජමහ විහාරස්ථානය දක්වා වැඩම කර ශ්‍රීපාද වාරය අවසන් වන තෙක් එහි තැන්පත් කර තබන බව ශ්‍රීපාදස්ථාන හිමියෝ ප්‍රකාශ කළහ.
මෙවර (2017-2018) ශ්‍රීපාද වන්දනා සමය පරිසර හිතකාමී ලෙස පැවැත්වූ බවත්, ඒ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට රත්නපුර මාර්ගය ඔස්සේ සහ හැටන් මාර්ගය ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණි බවත් උන්වහන්සේ පවසා සිටියහ.