ශ්‍රීපාද වන්දනාකරුවන්ට දුරකථන අංක
හෙටින් ආරම්භ වන සිරිපා වන්දනා සමයේදී බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා නිල ඇඳුමින් සහ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් පැය 24 පුරාම රාජකාරි කටයුතුවල යොදවා සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
වන්දනාමාන කිරීමට පැමිණීමේදී සියලු බැතිමතුන් සුදුසු ඇඳුමින් සැරසී විනීතව පැමිණිය යුතු බවත්, බීමත්ව පැමිණෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
වන්දනාමාන කිරීමේදී පොලිතින් හා බිඳෙන ද්‍රව්‍ය රැගෙන නොයන ලෙසත්, කසළ බැහැර කිරීමේදී නියමිත ස්ථානවලට බැහැර කරන ලෙසත්පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි. ජනතාවට පොලීසියේ සහයෝගය අවශ්‍ය වුවහොත් ඒ පිළිබඳව හැටන් නල්ලතන්නිය හරහා පැමිණෙන්නේ නම් 0522055522, 0522055500 හා 0718591122 යන අංකවලින්ද රත්නපුර ප්‍රදේශයෙන් පැමිණෙන්නෙම් 0452232222 හා 071-8591385 යන දුරකථන අංකවලට දැනුම්දෙන ලෙසද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

