ශ්‍රීපාද රක්ෂිතයේ කිසිම ඉදිකිරීමක් කර නොමැති බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය. අද (02දා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේබව පැවසීය. යම් ස්ථානයක පරිසර හානියක් සිදුවේ නම් එය රක්ෂිතයට අයත් වුවද නොවූවද ලෙස නොබලා කටයුතු කළ යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය. එසේ නොමැතිව ආගමික ප්රහාරයන් එල්ල කිරීමට ජාතීන් අතර අසමගිය ඇතිකිරීමට මෙම සිදුවීම යොදාගැනීම සම්බන්ධයෙන් තමා කනගාටුවෙන බවද පරණවිතාන මහතා මෙහිදී ප්‍රකාශකළේය.