ජපානයේ රැකියා පුහුණුව සඳහා මෙරටින් පිටත්ව ගිය ඇතැම් පිරිස් එම පුහුණුවෙන් අනතුරුව, එරට තුළ තවදුරටත් දේශපාලන රැකවරණ ඉල්ලා රැඳී සිටීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
ශ්‍රි ලංකාව තුළ දේශපාලනික වශයෙන් රැකවරණ නොමැති බව පවසා ව්‍යාජ ලිපිලේඛන ඉදිරිපත් කරමින් මෙම පිරිස සමස්ත ශ්‍රී ලංකාවම අපකීර්තියට පත්කරමින් සිටින බව කාර්යංශය පවසයි.
නවීන තාක්ෂණික දැනුම හා රැකියා පුහුණුව ලැබීමෙන් අනතුරුව මෙම පිරිස යළි ශ්‍රී ලංකාවට පැමිණිය යුතු වුවත්, ඔවුන් එසේ නොකර විවිධ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින්දේශපාලන රැකවරණ ඉල්ලා තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරයි.