ශ්‍රී ලාංකිකයන් සඳහා කැනඩා වීසා ප්‍රතිපත්තිය නොවෙනස්
ශ්‍රී ලාංකිකයන් සඳහා කැනඩා වීසා ප්‍රතිපත්තියේ වෙනසක් සිදුව නොමැති බව කැනඩා රජය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. කැනාඩාවට පැමිණෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් හා සංචාරකයන් සඳහා නිදහස් වීසා ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට එරට රජය තීරණය කර ඇති බවට මාධ්‍ය තොරතුරු වාර්තා කළේය.
මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් අනුගමය කළ වීසා ප්‍රතිපත්තියේ වෙනසක් සිදුව නොමැති බවයි.
එසේම ශ්‍රී ලාංකිකයන් කැනඩාවේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඔවුන්ට අනිවාර්යයෙන්ම වීසා ලබාගැනීම අවශ්‍ය බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි. වීසා ප්‍රතිපත්තියේ යම්කිසි වෙනසක් සිදු වන්නේ නම් අනිවාර්යෙන්ම ඒ පිළිබඳව දැනුවත් කිරිමට පියවර ගන්නා බවත් කැනඩා මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

