ඉන්දියාවේ තිරුවාදාවුර් ප්රදේශයේ සරණාගත කඳවුරක සිටින ශ්රී ලංකා ජාතික සරණාගතයෙක් ඉන්දීය රජයෙන් ඉන්දීය රුපයල් ලක්ෂ 10ක වන්දි ඉල්ලා ඇතැයි හන්දු පුවත් සේවය සඳහන් කරයි.
මෙම සරණාගත කඳවුරේ නිවසක තිබූ ඇස්බැස්ටස් තහඩුවක් කඩා වැටිමෙන් සිය දියණිය ජීවතක්ෂයට පත්වූ බවත් ඒ සඳහා ඉන්දීය රජය තම පවුලට ඉන්දීය රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙසත් ඉල්ලමින් මෙම සරණාගතයා මදුරාසි මහාධිකරණයේ නඩු පවරා තිබේ.
පසුගිය වසරේ මැයි මස 12 දා සිදුවූ මෙම අණතුරින් අදාළ සරණාගතයාගේ 11 හැවැරිදි දියණිය ජීවිතක්ෂයට පත්ව තිබේ.
ද හින්දු ඇසුරෙනි