වායු රයිපලයක් සමග ශ්‍රී ලංකා ජාතිකයන් තිදෙනෙකු හා ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු ඉන්දියාවේ රාමනාතපුරම්හිදී අත්අඩංගුවට පත්ව තිබෙන බව හින්දු පුවත් සේවය කියයි.
රාමේශ්වරම් සිට මදුරෙය් බලා ගමන් කිරීමෙන් සිටියදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර එම අවස්ථාවේදී ඔවුන් ලබාදී ඇති පිළිතුරුද ගැටලුකාරී වී තිබෙන බව පොලීසිය කියයි.
එසේම ඉන්දියාවේ සිට ඔස්ට්‍රේලියාවට සරණාගතයින් බෝට්ටුමගින් ගෙනයාමේ ජාවාරමකදට ඔවුන්ගේ සම්බන්ධයක් පවතින බව ප්‍රශ්න කිරීම් වලදී හෙළිව තිබෙන බවත් හින්දු පුවත් සේවය වැඩිදුරටත් වර්තා කරයි.