ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකය 2011 වසරේ පැවති 62.5% සිට 2012 දී 66.8% දක්වා 6.8% කින් වර්ධනය වී ඇති බව මහ බැංකුව පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුව මගින් සම්පාදනය කරනු ලබන ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකය දිවයිනේ ආර්ථික හා සමාජීය සංවර්ධනයන් පිළිබිඹු කරන බහුමාන දර්ශකයකි.
මෙම සෞභාග්‍ය දර්ශකය ආර්ථික හා ව්‍යාපාරික පරිසරය, ජන ජීවිතයේ යහ පැවැත්ම සහ සමාජ ආර්ථික යටිතල පහසුකම් යන උප දර්ශක තුනකින් සමන්විතය.
2011 වසර වන තෙක් ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකය ජාතික හා පළාත් මට්ටම් සඳහා විචල්‍යයන් 26ක් මගින් මනිනු ලැබූ අතර, රට තුළ සිදු වූ ආර්ථික වෙනස්වීම් වඩාත් සූක්ෂම ලෙස ග්‍රහණය කරගත හැකි විචල්‍යයන් ජාතික මට්ටම සඳහා පවතින බැවින් 2012 වසරේදී නව විචල්‍යයන් 16ක් මෙම දර්ශකය ගණනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඇතුළත් කරන ලදී.
ඒ අනුව, 2012 වසර සඳහා ශ්‍රී ලංකාවේ සෞභාග්‍ය දර්ශකය විචල්‍යයන් 42ක් භාවිත කරමින් ගොඩනගා ඇති බවත්, ආර්ථික, ව්‍යාපාරික පරිසරය, සෞඛ්‍යය, අධ්‍යාපනය සහ ආර්ථික යටිතල පහසුකම් යන අංශ සඳහා නව විචල්‍යයන් හඳුන්වාදීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම දර්ශකය මගින් රටෙහි තත්ත්වය වඩාත් හොඳින් නිරූපනය වන බවත්, ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙයි.