තමන් ශ්රී ලංකාවේ සිදුකරන අවසන් පුහුණුවීම් සැසිය සඳහා අද එක්වන බව මහේල ජයවර්ධන සඳහන් කරයි.
සිය ට්විටර් ගිණුම මගින් අදහස් ප්රකාශ කරන මහේල පවසන්නේ,
"මගේ කොල්ලන් සමග ශ්රී ලංකාවේ සිදුකරන අවසන් පුහුණුවීම් සැසියට යන ගමන්" යනුවෙනි.
මේ අතර කුමාර් සංගක්කාරද සිය ට්විටර් ගිණුම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ තමන් මහනුවර ක්රීඩා කළ තරගය නැරඹීම සඳහා පැමිණි සෑම දෙනෙකුටම ස්තූතිවන්ත වන බවයි.
මහේල මෙන්ම සංගාද අද දිනයේදී ඛෙත්තාරාම පිටියේදී එක්වන්නේ ශ්රී ලංකාවේදී සිදුකරන අවසන් එක්දින පුහුණුවීම් සැසිය සඳහයි.