ස්පාඤ්ඤයෙන් වෙන්වීමට කැටලෝනියාව ගත් තීරණය සම්බන්ධයෙන් තවදුරටත් ස්පාඤ්ඤය සමග සංවාදයක නිරත වෙමින් එක්සත් ස්පාඤ්ඤයක් වශයෙන් පෙනී සිටීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාව සඳහන් කරයි.
ස්පාඤ්ඤයෙන් වෙන්වී වෙනමම රාජ්‍යයක් ලෙස ක්‍රියාත්මක වීමට කැටලෝනියාව තිරණය කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය මේ බව සඳහන් කරයි.
ශ්‍රී ලංකාව හා ස්පාඤ්ඤය අතර දිගු කාලීන මිත්රත්තවයක් පවතින බවත් එම නිවේදනයේ දැක්වෙයි. ස්පාඤ්ඤයේ ස්වෛරීභාවය වෙනුවෙන් ශ්‍රී ලංකාව පෙනී සිටින බවත් එම නිවේදනයේ දැක්වෙයි.