දියේ ගිලීම හේතුවෙන් ශ්රී ලංකාවේ දියණියන් දෙදෙනෙකු දියේ ගිලීම හේතුවෙන් ඕමානයේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව ටයිම්ස් ඔෆ් ඕමාන් පුවත් සේවය තොරතුරු වාර්තා කරනවා. ඊයේ (08දා) සවස මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව තිබේ.
ඔවුන් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී මෙම අනතුරට පත්ව තිබේ. දියණියන් දෙදෙනා අයත් පවුල් දෙකෙහි සාමාජිකයන් එයින් ගාර්සිස්හි විනෝද වීම සඳහා පැමිණි අවස්ථාවේදි මෙම සිදුවීම සිදුව තිබේ.
ඕමානයේ සාලාලාහ් හි ඉන්දියානු පාසලේ ඉගෙනුම ලබන ආර්.ඩී. හේරත් සමරවීහ හා ඕමානයේ පෞද්ගලික විදුහලක ඉගෙනුම ලබන සයිනබ් මෙම අනතුරට ලක්ව තිබේ.