ජපාන යෙන් මිලියන 52.6ක් (ආසන්න වශයෙන් රු.මිලියන 73.6ක්) වටිනා රූපවාහිනී වැඩසටහන් පෙළක් ජපන් රජය විසින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වෙත ලබාදීමට එකඟත්වය පළ කර තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන්ට අතර ජපන් සංස්කෘතිය, වටිනාකම සහ ජීවන රටාව පිළිබඳ දැනුම හා අවබෝධය ලබාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී ඇති අතර, ඒ අනුව විශේෂ ජපන් රූපවාහිනී වැඩසටහන් සිංහල හා දෙමළ භාෂාවෙන් ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශ ආවරණය කරමින් ප්‍රචාරය කරවීමට සැලසුම් කර තිබේ.
මීට අදාළ එකඟත්වයට මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග හා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා විසින් ඊයේ (13දා) මුදල් අමාත්‍යාංශයේදී අත්සන් තබන ලදී.