ශ්රී ලංකාවේ සිට නීතිවිරෝධීව රන් බිස්කට් 65ක් ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ගෙන ගිය ඉන්දීය රුපියල් කෝටි 3.34ක් පමණ වන රන් කිලෝ 12ක් සොයාගැනීමට ඉන්දීය ආදායම් බුද්ධි අංශ නිලධාරීහු ඊයේ (14දා) පෙරවරු 3.30ට පමණ සමත් වී ඇති බව ‘ද හින්දු’ පුවත් සේවය පවසයි.