ශ්රී ලංකාවේ යථාර්ථය තේරුම්ගෙන එය තම රටවලට දැනුම්දෙන ලෙස ජනපති මහින්ද රාජපක්ෂ ශ්රී ලංකාවට අලුතෙන් පත්වූ තානාපතිවරුන් හය දෙනෙකු අමතමින් සඳහන් කළේය.
ජනාධිපති ලේකම් කාර්යාලයේදි ඔවුහු සිය අක්තපත්ර අද (12දා) පෙරවරුවේදී ජනපතිවරයාට පිළිගැන්වූහ.
කොන්ගෝ තානාපති ෆීලික්ස් එන්ගොමා, ආර්ජන්ටිනා තානාපති රාවුල් ඉග්නේසියෝග්වස්ටාවිනෝ, කොරියානු ජනරජයේ තානාපති චෑන්ග් වොන්-සෑම්, පිලිපීනයේ තානාපති විසන්ටේ විවෙන්සියෝ ටී. බැන්ඩිලෝ, පලස්තීනයේ තානාපති සුහයිර් හම්දල්ලා සායිද් සහ එල් සැල්වදෝරයේ තානාපති ගිලර්මෝ රුබියෝ ෆියුන්ස් යන තානාපතිවරු මෙසේ සිය අක්තපත්ර භාරදුන්හ.
මෙහිදී අදහස් දැක්වූ කොංගෝ තානාපති එන්ගොමා මහතා පැවසුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී තම රටේ සහාය අඛණ්ඩවම ශ්රී ලංකාවට ලබාදෙන බවයි.