මැලේසියාව හා ශ්‍රී ලංකාව අතර බුද්ධි අංශ තොරතුරු හුවමාරු කර ගැනීම පිළිබඳව දෙරටේ අවධානය යොමුව තිබේ. ඉන්දුනීසියානු සංචාරයකට එක්ව සිටින අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා මැලේසියානු අග්‍රාමත්‍ය නජිබ් අබ්දුල් රසාක් මහතා අතර පැවාති ද්විපාර්ශ්වීය සාකච්ඡාවේදී මේ පිළිබඳව කරුණු හුවමාරු කරගෙන තිබේ.
එසේම ඊයේ පැවැති සාකච්ඡාවේදී දෙරටේ පොලිස් දෙපාර්තමෙන්තු අතර සහයෝගිතා ගිවිසුමකට එළඹීම පිළිබඳව අවධානය යොමු කර තිබේ.
මේ අතර නොවැම්බර් 17 දා සිට 19 දා දක්වා කොළඹදී පැවැත්වෙන දකුණු සහ අග්නිදිග ආසියාවේ බහුවිධ හා ප්‍රජාතාන්ත්‍රික සමාජයන්හි ආගමික කාර්ය භාරය යන ජාත්‍යන්තර සමුළුවට සහභාගි වන ලෙස මැලේසියානු අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කිරීමටද අග්‍රාමාත්‍යවරයා කටයුතු කරනු ලැබීය.