2009 වසරෙන් පසුව ශ්‍රී ලංකාවේ දමිළ ජනතාව විවිධ අයුරින් ලිංගික මෙන්ම වධහිංසනයන්ට ලක්ව ඇති බව සඳහන් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට වාර්තාවක් ලබාදීමට එංගලන්තයේ මානව හිමිකම් කමිටුව කටයුතු කොට තිබේ.මේ පිළිබඳව තොරතුරු වාර්තා කරන ද ගාඩියන් පුවත්සේවය සඳහන් කරන්නේ දමිළ ජාතිකයන් 40 දෙනෙක් පමණ සම්මුඛ පරීක්ෂණයට ලක්කිරීම මගින් මෙම වාර්තාව සකස් කර ඇති බවයි.
ඔස්ට්‍රේලියාවේ සරණාගතභාවය පතා පිටත්ව ගිය ශ්‍රී ලාංකිකයන් නැවතත් ශ්‍රී ලංකාවට පිටත්කර හැරීමට කටයුතු කිරීම හරහා එසේ පැමිණි දමිළ ජාතිකයන්ද ශ්‍රී ලංකාවේදී විවිධ වධහිංසා වලට ලක්ව ඇති බව මෙම වාර්තාවෙන් පෙන්වා දෙයි.කෙසේ නමුත් ශ්‍රී ලංකාවට එරෙහි බටහිර රටවල් විසින් මෙම වාර්තාව නිකුත් කර තිබේ. එසේම ශ්‍රී ලංකාවට එරෙහිව හඬනගන දකුණු අප්‍රිකාවේ ඩෙසමන්ඩ් ටුටූ පියතුමන්ද මේ පිළිබඳව අදහස් දක්වා තිබෙන අතර, වාර්තාව පිටු 110කින් සමන්විත වෙයි.