සංචාරක පාකිස්තානු කණ්ඩායම පරාජය කර කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් කඩුලු 07 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (29දා) සමත්විය. ඒ අනුව තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1-1 ක් ලෙස සමකිරීමට හැකිවිය.
පාකිස්තානු කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 153 ක ඉලක්කය කඩුලු තුනක් පමණක් දැවී පසුකරයාමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූහ. මෙම ඉලක්කය ඊයේ (28දා) දිනයේදීම පසුකරයාමට හැකිව තිබුණද, තේ විවේකයට තරගය නතරකරනවාත් සමග ඇඳහැලුණු ධාරානිපාත වාර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම ක්‍රීඩාකිරීම අද දිනය දක්වා කල්දැමීමට සිදුවිය.