ඉන්දුනීසියාවේ පැවති 11 වන අන්තර්ජාතික ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේදී ගණිත අංශයෙන් රන් පදක්කම් දෙකක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගනිමින් ශ්‍රී ලංකාව ලෝකයේ දෙවන ස්ථානයට ඔසවා තැබීමට ශ්‍රී ලාංකික සිසු සිසුවියෝ පිරිසක් සමත් වුහ.
ඔවුහු අද (12දා) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියහ.