ශ්‍රී ලංකාවට නව තානාපතිවරයෙකු පත්කිරීමට රුසියානු රජය කටයුතු කර තිබේ. ඒ අනුව යූරී බී. මැටෙරයි මහතා ශ්‍රී ලංකාවේ නව රුසියානු තානාපති ලෙස පත්කර තිබේ. ඔහු සිය අක්තපත්‍රය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද (23දා) කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයේදී නිල වශයෙන් භාරදෙන ලදී.
මීට අමතරව මෙරට නව කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැකිනොන්, මාලදිවයින් තානාපති මොහොමඩ් හුසේන් ශාරීෆ්, පාක්සිතානු මහකොමසාරිස් ජෙනරාල් සහීඩ් අහමඩ් හස්මට් හා ඊජිප්තු තානාපති හුසේන් අල් සහාර්නි යන මහත්වරුන්ද එහිදී ජනාධිපතිවරයා ඉදිරියේ තම අක්තපත්‍ර නිල වශයෙන් භාරදෙන ලදී.
මෙම නව තානාපතිවරුන් පිළිගනිමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය සියලු ජාතීන් අතර මිත්‍රත්වය ස්ථාපිත කිරීම සඳහා යොමු කරන බවයි.