ශ්‍රී ලංකාවේදී සුනඛයෙකුගේ සපා කෑමකට ලක්වූ 10 හැවැරිදි ප්‍රංශ ජාතික ළමයෙකු ප්‍රංශයේදි ජීවිතක්ෂයට පත්ව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ජල භීතිකා රෝගය වැළදීමෙන් ඔහු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.
අගෝස්තු මාසයේදී ඔහු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටියදී දික්වැල්ල ප්‍රදේශයේ වෙරළකදී ඔහු මෙම අනතුරට මුහුණදී ඇත.
මේ පිළිබදව ඔහුගේ පවුලේ උදවිය වැඩි අවධානයක් යොමු නොකර ඇති අතර පසුව ඔවුන් ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇත.
කෙසේ වෙතත් පසුව මෙම ළමයා විවිධ රෝගාබාධවලට ලක්වීම ඔක්තෝබර් මාසයේදී ආරම්භ වී ඇත. පසුව ඔහු ලියොන්හි රෝහල් ගත කර ඇත.
ජල භීතිකාව හේතුවෙන් ඔහුගේ මොලයේ ස්නායුවලට හානි සිදුව ඇති පසුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින විට ඔහු මියගොස් තිබේ.
ප්‍රංශයේ නාගරික ප්‍ර දේශවල 1924 වසරෙන් පසුව ජලභීතිකාව වැළදීමක් වාර්තා නොවී ඇත.