එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ශ්රී ලංකාවේ සිදුවූවායැයි කියන මානව හිමිකම් කඩවීම් සඳහා කරන පරීක්ෂණයට සහය දක්වන ලෙස පී.එම්.කේ. පක්ෂයේ තරුණ කටයුතු පිළිබඳ නායක මෙන්ම තමිල්නාඩුවේ ධර්මපූරිදිස්ත්රික්කයේ මන්ත්රීවරයෙකු වන අබුමානි රාමදොස් මහතා පවසයි.
ඔහු ඉන්දීය විදේශ කටයුතු ඇමතිනී ෂුස්මා ස්වරාජ් මහත්මිය හමුවී මෙම කරුණ සම්බන්ධයෙන් සංදේශයක්ද භාර දී තිබෙන බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය පැවසීය.
අදාළ පරීක්ෂණය සඳහා ඉන්දියාවේ සහය දක්වා මෙම පරීක්ෂණය සාර්ථක කර ගැනීමට කටයුතු කරන ලෙස ඔවුන් සිය සංදේශයෙන් පවසයි.