සාගය යටින් දිවෙන කේබල් පද්ධතියක් හරහා ශ්‍රී ලංකාවට විදුලිය අපනයනය කිරිමට ඉන්දියාවේ අවධානය යොමුව ඇති බව හින්දු පුවත් සේවය තොරතුරු වාර්තා කරයි. ශ්‍රී ලංකාවේ විදුලි බල අවශ්‍යතාවයෙන් මෙගා වොට් 500ක විදුලියක් මෙසේ ඉන්දියාවෙන් අපනයනය කිරිමට ඉන්දියාවේ අවධානය යොමුව තිබේ.
මෙම අවශ්‍යතාව සපුරාලීම සඳහා සම්ප්‍රේෂණ පද්ධතියක් රටවල් දෙක අතර නොමැතිවීම හේතුවෙන් එයට විකල්පයක් ලෙස මුහුද පතුලෙන් විදුලිය ගෙන යා හැකි කෙබල් තාක්ෂණය පිළිබඳව ඉන්දියාවේ අවධානය යොමුව තිබේ.
ඉන්දීය විදුලිබල අමත්‍යාංශ ලේකම්වරයා මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙම ව්‍යාපෘතිය තවමත් ආරම්භ කර නැතත් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය යොයා ගත් බවයි.