මාර්තු මස පැවති එක්සත් ජාතීන්ගේ 25 වැනි මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කරගත් ජාත්‍යන්තර පරීක්ෂණයට සහාය නොදක්වන බව ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත් ආරියසිංහ මහතා සඳහන් කළේය. එම යෝජනාවලියේ සඳහන් %විස්තීර්ණ පරීක්ෂණයක්^ (Comprehensive Investigation) යන වැකිය මෙයින් ඉවත් විය යුතු බව ආරියසිංහ මහතා පැවසීය.
අද (10 දා) ජිනීවාහි මානව හිමිකම් කොමිසමේදී ආරම්භ වූ 26 වැනි සැසිවාරය අමතමින් රවිනාත් ආරියසිංහ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.
එසේම ශ්‍රී ලංකාවේ වගවීමේ, සමගි සන්ධානවීමේ, ජාතිය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග අවසානයක් දක්වා ඉදිරියට පවත්වාගෙන යන බවද ආරියසිංහ මහතා පැහැදිලි කළේය.
ශ්‍රී ලංකා ජනතාවගේ සුභසාධනය පිළිබඳව නියම වශයෙන්ම සැලකිලිමත්වන අන්තර්ජාතික ප්‍රජාව හා රාජ්‍ය නොවන සංවිධාන සමග කටයුතු කිරීමට සූදානම් බවත් ඔහු සඳහන් කළේය.