අප්‍රිකා - ශ්‍රී ලංකා සබඳතාවල නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාව වෙත අප්‍රේල් මාසයේ සිට බලපැවැත්වෙන පරිදි අප්‍රිකානු සංගමයේ අප්‍රිකානු රටක් නොවන සාමාජිකත්වය පිරිනැමීමට අප්‍රිකානු සංගම් කොමිසම තීරණය කර තිබේ.
ඒ අනුව, ඉන්දියාවට සහ පාකිස්තානයට පසුව අප්‍රිකානු සංගමයේ සාමාජිකත්වය ලබන තුන්වැනි දකුණු ආසියාතික රට බවට ශ්‍රී ලංකාව පත්වෙයි.
මෙම නව සාමාජිකත්වය ශ්‍රී ලංකාව දිගුකාලීනව අප්‍රිකානු කලාපය සමග යළි ශක්තිමත්ව නැගී සිටීමට දරණ ප්රයත්නයෙන් බලගැන්වුණු නව විදෙස් ප්‍රතිපත්තිය පිළිබිඹු කරන්නක් බව පැවසෙයි.