ශ්රී ලංකාවේ සිදු වූ බව කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සකස්කළ වාර්තාව එළැඹෙන 16දා එළිදක්වන බවත්, එහි බරපතල ඝනයේ කරුණු ඇතුළත් බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන කුමරු සඳහන් කරයි.
එක්සත් ජාතීන්ගේ 30 වැනි මානව හිමිකම් සැසිවාරය ආරම්භකරමින් එහි ආරම්භක දේශනය කරමින් ඔහු මෙම අදහස් දැක්වීය.
"බදදා මම මේ වාර්තාව එළිදක්වනවා. එයට මගේ නිර්දේශත් දක්වා තිබෙනවා. එහි තිබෙන දෑ බරපලතයි" යැයි ඔහු සඳහන් කරයි.