කලාපයේ වැදගත් රාජතාන්ත්‍රික ස්ථානයක ශ්‍රී ලංකාව සෑම විටම තබන බව චීන ජනපති ෂී ජින් පිං සඳහන් කරයි. චීන ජනපති හා ශ්‍රී ලංකා ජනපති අතර අද (26දා) ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වූ අතර එයට පෙරාතුව මාධ්‍ය අමතමින් චීන ජනපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කර තිබේ.
මෙම සාකච්ඡාවේදී චීනය විසින් ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබූ බව හින්දු පුවත් සේවය වාර්තා කළේය. එහිදී චීනය විසින් සිදුකරනු ලබන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතව තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සිවුදින නිල සංචාරයක් සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (26දා) චීනයට ගිය අතර ඔහු 29දා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.