ශ්‍රී ලංකාව සහ ජපානය දෙරට අතර වැඩිදුර සහයෝගීතාවය සඳහා ගිවිසුම් කිහිපයට එළැඹී තිබේ.
සමුද්‍රික රටවල් අතර නව හවුලක් වෙනුවෙන් ජපානය සහ ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ ගිවිසුමක් ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ජපාන අගමැති ෂින්සෝ අබේ යන මහත්වරු අත්සන් තබන ලදී.
එමෙන්ම, භෞමික රූපවාහිනී ඩිජිටල්කරණ ව්‍යාපෘතිය සඳහා යෙන් ණය අවබොධතා ලිපි හුවමාරුවද මෙහිදී සිදුවිය.
ශ්‍රී ලංකාවේ කරමාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා විදේශ කටයුත අමාත්‍යාංශයත්, ජපානයේ ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශය හා විදේශ කටයුතු අමාත්‍යාංශයත් අතර, අන්තර් රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති සංවාදය ශක්තිමත් කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුම, ජපානයේ කෘෂිකාර්මික, වන සම්පත් සහ ධීවර කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්ත අමාත්‍යාංශය අතර, කෘෂිකර්මාන්තය සහ ඒ හා සම්බන්ධ ක්ෂේත්‍ර පිළිබඳ අවබෝධතා ගිවිසුම, ජපානයේ අධ්‍යාපන, සංස්කෘතික, ක්‍රීඩා, විද්‍යා සහ තාක්ෂණික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය අතර විද්‍යා, තාක්ෂණ සහ නව්‍යකරණ ක්ෂේත්රවල සහයෝගීතාවය සඳහා වූ කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලිපියද මෙහිදී අත්සන් කෙරිණි.