සිය රටවල ත්‍රස්තවාදී කණ්ඩායම් නැවත ඒකරාශීවීමට තැත්කරනවා නම් ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගය කුමක්දැයි යන්න සඳහන් කරන ලෙස ජිනීවාහි පිහිටි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය බටහිර රටවලින් ප්‍රශ්න කරයි.
මානව හිමිකම් ක්‍රියාකාරීන් යැයි කියන පුද්ගලයන් දෙදෙනෙකු හා එල්.ටී.ටී.ඊ. හිටපු සැකකරුවෙකුට සැඟවීමට අවශ්‍ය අනුබල ලබාදීමේ චෝදනා මත දමිළ ජාතික කාන්තාවකුත් ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඊයේ (26දා) පැවැති මානව හිමිකම් සමුළුවේදී බටහිර රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව අදහස් ප්‍රකාශ කළේය. මේ සඳහා පි‘ළිතුරු දෙමින් ජිනීවා නිත්‍ය නියෝජිත කාර්යාලය සඳහන් කරන්නේ ශ්‍රී ලංකා ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීමත්, ඔවුන් ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමටත් මෙවන් ක්‍රියාමාර්ග ගන්නා බවයි.