ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 9කින් පරාජයට පත්කිරමින් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට දකුණු අප්රිකා කණ්ඩායම සමත්විය.
ඒ අනුව ශ්රී ලංකාවට තරගාවලියේ ඉවත්වීමට සිදුවිය. ශ්රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදී ලකුණු 133ක් රැස්කළ අතර එම ඉලක්කය එක් කඩුල්ලක් පමණක් වැයකර පසුකර යාමට දකුණු අප්රිකා කණ්ඩායම සමත්විය.