පෙදු රාජ්‍ය මණ්ඩලීය සම්මේලනයේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමිව තිබීමත්, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමිනුත් කැනඩාව විසින් පොදුරාජ්‍ය මණ්ඩලයට ලබාදෙන මුදල් ආධාර කපා හැරීමට තිරණය කර තිබේ.
බී.බී.සී. පුවත් සේවය සඳහන් කළේ වසරකට ඩොලර් මිලියන 10 බැගින් වසර දෙකක් තුළ ඩොලර් මිලියන 20 කැනඩාව එසේ කප්පාදු කර ඇති බවයි.
එසේම මෙම කපාහරින මුදල් වෙනත් ආකාරයේ සුබසාධන කාර්යයන්ට යොදවන බවට කැනඩා විදේශ කටයුතු අමාත්‍ය ජෝන් බෙයාර්ඩ් සඳහන් කර තිබේ.