යුද කාලයේදී 6% ක පොලියට ණය ගත්තද, යුද්ධයෙන් පසු සෑම වසරක් සඳහාම ණය ගත්තේ 2%ක පොලී ප්‍රතිශතයකට සීමාකරමින් බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ අද (20දා) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසනලද පැනයකට පිළිතුරු සපයමිනි.
එමෙන්ම, ශ්‍රී ලංකාව ණය ලබාගන්නේ චීන අපනයන ආනයන බැංකුවෙන් (Exim බැංකුවෙන්) පමණක් නොවන බවත්, වෙනත් බැංකුවලින්ද ශ්‍රී ලංකාව ණය ලබාගන්නා බවත් මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.
"චීන සංවර්ධන බැංකුවෙනුත් ශ්‍රී ලංකාව ණය ගන්නවා. බැංකුවලින් ණය ගන්නා විට වෙනත් රටවලින්ද ඊට තරගයක් පවතිනවා. චීන අපනයන ආනයන බැංකුව කුමන්ත්රණකාරී ලෙස ශ්‍රී ලංකාවට ණය දෙනවා කියන එක වැරදි මතයක්. චීනය අද ආසියානු රටවලට වැඩියෙන්ම ණය දෙන රට බවට පත්ව තිබෙනවා.
චීනයේ Exim බැංකුව රටේ දේශපාලන වශයෙන් පාර්ලිමේන්තු ක්‍රමයට වගකියන ආයතනයක්. කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය, හම්බන්තොට වරාය සඳහාත් අලුත් ණය ක්‍රමයකට ගිය නිසා ණය ලබාගැනීමට හැකි වුණු බවත් අපේ රටේ දේශපාලන ස්ථාවරත්වය, හොඳ සංවර්ධනය නිසාත් 2%ක පොලියකට ණය ගන්නවා" යැයි මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.