ශ්‍රී ලංකා විදේශ ප්‍රතිපත්තිය මැද මාවතක් අනුගමනය කරන බවත් ලෝකයේ සියලු රටවල් සමග මිත්‍රශිලීව සහ සහයෝගයෙන් කටයුතු කරන බවත් ජනපති මෛත්‍රීපා සිරිසේන මහතා පැවැසීය.
කටාර්හි නිල සංචාරයක නිරත ජනපතිවරයා එරට විදේශ අමාත්‍ය ශෙයික් මොහොමඩ් මින් අබ්දුල් රහමන් අල් තානි මහතා හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව පැවැසීය.
එසේම සාර්ථක අවස්ථාවල මෙන්ම අසීරු අවස්ථාවන්වල ද ශී‍්‍ර ලංකාව කටාර් රාජ්‍යය සමග අඛණ්ඩව බැඳි සිටීම පිළිබඳව කටාර් විදේශ අමාත්‍යවරයා ජනාධිපතිවරයාට ස්තූතිය පිරිනැමූ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ශී‍්‍ර ලාංකිකයින් විශාල පිරිසක් මේ වන විට කටාර් රාජ්‍යයේ විවිධ ක්ෂේත්රවල සේවයේ නිරතව සිටින බවත්ඉදිරියේදී ද ශ්‍රී ලාංකික වෘත්තිකයින්ට කටාර් රාජ්‍යය තුළ වැඩි අවස්ථාවක් ලබාදෙන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලීම් කර ඇත.