ඉන්දියාව, චීනය, සිංගප්පූරුව හා ජපානය සමග නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කරන අයුරින් ඇමෙරිකාව හා එංගලන්තය සමගත් නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කිරීමට ලබන වසරේදී කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
ඉන්දුනීසියාවේ ජකර්තා සම්මන්ත්රණ මධ්‍යස්ථානයේදී ආරම්භ වූ 12 වැනි ලෝක ඉස්ලාමික ආර්ථික සමුළුවේ සමාරම්භක සැසිය අමතමින් අද (02දා) අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.
දකුණු ආසියානු රටවල් හා වෙළඳ ගිවිසුම් තවදුරටත් පුළුල් කරගනීමටත් බෙංගාල බොක්ක ආශ්රිත අනෙකුත් ජාතින් වන ඉන්දුනීසියාව, මැලේසියාව, තායිලන්තය හා මියැන්මාරය මෙන්ම බටහිර ආසියාතික ජාතීන් සමග ද වෙළද ගිවිසුම් ඇති කරගැනීමේ හැකියාව සොයා බලන බවත් අග්‍රමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.