ශ්‍රී ලංකාව උසස් අධ්‍යාපනයේ විශිෂ්ටත්වයේ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමට ඉලක්ක 12 ක් සහ අරමුණු 54 ක් රට තුළ පිහිටි විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරන බවත්, මේ අනුව 2020 වසර වනවිට අප රට නාවික, ගුවන්, බලශක්ති, වාණිජමය හා සංචාරක කටයුතුවල ආසියාවේ දැනුමේ කේන්ද්‍රස්ථානය බවට පත්වන බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.
මේ අනුව රාජ්‍ය විශ්වවිද්‍යාල 17 හිම සිසුන් තම ක්ර‘මෝපායික සැලසුම සංවර්ධනය කරගෙන තිබෙන බවත්, රාජ්‍ය නොවන සහ ආයතන 54 තුළ ක්‍රියාත්මක වන අධ්‍යාපන ආයතන තුළත් මේ තත්ත්වය ප්‍රමිතිගත කිරීමට සහා නීතිගත කිරීම සඳහා සුදුසුකම් රාමුවක් පිළිබඳ පනතක් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
%සාර්ක් කලාපීය දැනුම පාදක අර්ථිකයක් සහ ආර්ථික වර්ධනය සඳහා වූ උසස් අධ්‍යාපන ක්ෂේත්‍ර‘යේ නවෝත්පාදන^ පිළිබඳ වැඩමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
උසස් අධ්‍යාපනය නව මඟකට ගැනීම සඳහා පසුගිය වසර 05 ක කාලය තුළදී ක්ර‘මෝපායික චින්තනය, සැලසුම්කරණය සහ කළමනාකරණ සංකල්ප හඳුන්වා දුන් බවත්, මේ සියලුම දේවල් සිදුකළේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් විශ්වවිද්‍යාල බිහිකර ජාත්‍යන්තර මට්ටමේ රැකියාලාභී උපාධිධාරීන් සහ ජාත්‍යන්තර වෙළෙඳ පොළට අවශ්‍ය ව්‍යවසායකත්වයෙන් යුත් උපාධිධාරීන් බිහිකිරීමට බවද ඔහු පවසා සිටියේය.