ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ප්රජාතන්ත්රවාදය පිළිබඳ වූ හවුල (HDP) දෙරටේ ව්‍යවස්ථාදායක ආයතන දෙක අතර සම්බන්ධතා ශක්තිමත් කරනු වස් නව සහයෝගීතා ගිවිසුමකට එළැඹ තිබේ.
මෙම ගිවිසුමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතා සහ එක්සත් ජනපද නියෝජිත, ප්රජාතන්ත්රවාදය පිළිබඳ හවුලේ සභාපති පීටර් ජේ. රොස්කාම් විසින් පසුගිය 14 වැනිදා අත්සන් තබා තිබුණේ එම ආයතන දෙක නියෝජිනය කරමිනි.
මෙම සහයෝගීතාව තුළින් එක් එක් රටේ ව්‍යවස්ථාදායක පද්ධති මූලධර්ම පිළිබඳ තොරතුරු හුවමාරුව, දැනුම බෙදාගැනීම, ඵලදායී ව්‍යවස්ථාදායක කළමනාකරණය පිළිබඳ උපදේශනය සහ එම ආයතනවල කාර්ය මණඩල සඳහා පුහුණු වැඩසටහන් වෙනුවෙන් එකිනෙකාට සහාය වීම ආදිය සිදුවනු ඇති බව කියැවෙයි.
මෙම අවස්ථාවට දෙරටේ මහජන නියෝජිතයන් පිරිසක් මෙන්ම, රාජතාන්ත්රිකයන්ද පිරිසක්ද සහභාගී වී තිබේ.