ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සාමාජිකයන්ට ඉදිරියේදී පුහුණුවීම් අවස්ථා ලබාදී දෙරටේ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කිරීමට අවශ්‍ය සහාය ලබාදෙන බව චෙක් ජනරජයේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ජාකොබ් ලැන්ඩෝව්ස්කි මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, චෙක් ජනරජයේ විශේෂ ආරාධනයක් මත එරට පැවැත්වෙන ‘Future Forces’ සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හා පැවැති සාකච්ඡාවකදීය.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය ගැන සිය අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා, වත්මන් රජය යටතේ මෙරට සියලු ජාතීන් අතර සහජීවනය සහ රට තුළ සංවර්ධනය ඇතිකිරීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ පැහැදිලි කළේය.