තමන්ට නැවතත් සිය මවු රටට යාමට නොහැකි බවත්, තම වේදනාව හඳුනාගනිමින් තමන්ට උදව් කරන ලෙසත් ශ්‍රී ලංකා සරණාගතයින් 54 දෙනෙක්ද ඇතුළු සරණාගතයින් 65ක් නවසීලන්ත එජයට පවසයි.
බංග්ලාදේශ සරණාගතයින් 10ක්, එක් මියන්මාර සරණාගතයෙක් ඇතුළු මෙම පිරිස මුලින්ම ඔස්ට්‍රේලියාව බලා බෝට්ටුවකින් ගමන්කර තිබේ. නමුත් ඔස්ට්‍රේලියානු නාවික හමුදාව මැදිහත්වී නීතවිරෝධී සංක්‍රමණික පිරිමස ඉන්දුනීසියාවේ දූපතක් ආසන්නයට යොමු කර තිබේ.
එහිද ඹවුන් ගමන්ගත් යාත්‍රාව මුහුදු බත් වී තිබේ. කෙසේ වෙතත් සංක්රමනිකයින්ට ගැටළුවක් ඇතිව නොමැත. ඉන්දුනීසාවේ දූපතක රැඳී සිටින පිරිස දැන් නව සීලන්තයේ සහාය පතයි.
ඔවුන් නවසීලන්ත රජයට ලිපියක්ද යොමු කළ බව කියැවෙයි. නමුත් එරට ආගමන විගමන අමාත්‍යවරයා එසේ ලිපියක් නොලැබුණ බව ප්‍රතික්ෂේප කර තිබේ.