ඉන්දියාවේ සරණාගත කඳවුරු වල රැදී සිටි ශ්‍රී ලංකා සරණාගතයින් 40ක් ඊයේ (27දා) නැවතත් දිවයිනට පැමිණියේය.
එක්සත් ජාතින්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීමෙන් මෙම පිරිස නැවතත් ශ්‍රී ලංකාවට පැමිණියේය.
මේ පිළිබ ඳව අදහස් දක්වා සිටින චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් සබාරුල්ලා ඛාන් මහතා සඳහන් කරන්නේ සරණාගතයින් නැවතත් ශ්‍රී ලංකාවට පිටත් කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බවයි.