ඉන්දියාවේ වෙසෙන ශ්රී ලංකා බාලවසය්කාර සරණාගත දරුවන් සඳහා උප්පැන්න සහතික නොමැතිවීමෙන් ඔවුන් ගැටළුවකට පැත්ව අැති බව ද හින්දු පුවත්සේවය පවසයි.
මෙම බාලවසය්කාර සරණාගතයින්ගේ ප්රමාණය 17000ක් පමණ වන බවද එම වාර්තා සඳහන් කරයි. මෙම සරණාගතයන් සඳහා ශ්රී ලංකාවේදී උප්පැන්න සහතික ලබාගැනීමට උත්සාහ දැරුවත් එයද ගැටලුවක් බව ඊළාම් සරණාගතයින් පුනරුත්තාපන කාර්යාලයේ නිරිමාතෘ එස්.සී. චන්ද්රශාන් පෙන්වා දෙයි.
බාලවයස්කරුවන්ගේ දෙමව්පියන්ට උප්පැන්න නොමැතිවීම එම ගටලුව බවද ඔහු සඳහන් කරයි. දෙමළ සරණාගතයින් සඳහා උප්පැන්න ලබා දීමට තමිල්නාඩුවේ පැවැති ජංගම සේවාවාද ඇණහිට තිබේ.
ශ්රී ලංකා සරණාගතයින් 66000ක් පමණ තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවලත්, තවත් සරණාගතයන් 34000ක් සරණාගත කඳවුරුවලින් බැහැරවත් සිටින බව හින්දු පුවත්සේවය පැවැසිය.