ශ්‍රී ලංකාවේ විදෙස් දූත මණ්ඩල සේවා සඳහා නව නලධාරී පිරිසක් පත් කර තිබේ.
ඒ අනුව ඉන්දියාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස ඇසල වීරකෝන් මහතාත්, රුසියාවේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස වෛද්‍ය සමන් වීරසිංහ මහතාත්, පිලීපිනයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස ශඅරුණි රණරාජා මහත්මියත් පත්කොට තිබේ.
ඊට අමතරව කැනඩාවට එක් කොන්සල් ජනරාල්වරයෙක්, ඔස්ට්‍රේලියාවට එක් කොන්සල් ජනරාල්වරයෙක්, චීනයට කොන්සල් ජනරාල්වරු දෙදෙනෙක් හා ඉතාලියට එක් කොන්සල් ජනරාල්වරයෙක්ද පත්කොට තිබේ.