ප්‍රතිසංවිධානයට පියවර, වැඩිපුර ගුරු සාමාජිකයන් බඳවා ගන්නවාට ත්‍යාග
අනිකුත් දේශපාන පක්ෂවලට හා සංවිධානවලට අයත් ගුරු සංගම්වලට සාපේක්ෂව ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය ප්‍රබල මට්ටමක නොතිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (19දා) පැවසීය. මේ සම්බන්ධව පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙහි දීර්ඝව සාකච්ඡා කළ බවත්, පක්ෂයේ සභාපති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි පළාත් මට්ටමින් ගුරුවරුන් සංවිධානය කොට මීළඟ ප්‍රධාන මැතිවරණවලදී ඔවුන්ට වගකීම් පැවරීමට තීරණයක් ගත් බවත් ඇමතිවරයා සඳහන් කළේය.
ඡායාරූප: ඒශාන් ප්‍රනාන්දු