පාකිස්තානු ත්‍රස්තවාදී සංවිධානයට සම්බන්ධ බවට සැකකරමින් ඉන්දීය ආරකෂක අංශ විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ජාතික සකීර් හුසේන් සන්තකයේ තිබී ඉන්දියාවේ පිහිටා ඇති ඇමෙරිකානු කොන්සල් කාර්යාලයේ මෙන්ම, ඊශ්‍රායල් කොන්සල් කාර්යාලයේ ඡායාරූප සොයාගෙන තිබෙන බව හින්දු පුවත් සේවය වාර්තා කරයි.
එසේම ඔහු මෑතකාලීනව චෙන්නායි හා කොළඹ අතර සිදුකළ ගුවන් ගමන් පිළිබඳවද තෙරතුරු විමර්ශනය කිරීමට ඉන්දීය මධ්‍යම බුද්ධි ඒජන්සිය කටයුතු කරමින් සිටියි.
මෙම සැකකරු තමිල්නාඩු පොලීසිය හා බුද්ධි ඒජන්සිය විසින් කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබීය. මුස්ලිම් ජාතික සැකකරු මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් බව ඉන්දීය මාධ්‍ය අද (01දා) වාර්තා කෙරිණි.