ශ්‍රී ලංකා - චීන නිදහස් වෙළෙඳ ගිවිසුම මෙම වසර අවසන් වීමට ප්‍රථම අත්සන් කරන බව චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට දන්වා ඇත.
පසුගියදා එරට කළ සංචාරය අතරතුර නායකයන් දෙපළ හමුවී සාකච්ඡා කළ අතර, එහිදී චීන ජනාධිපතිවරයා මේ පිළිබඳව පැහැදිලිව අදහස් දැක්වූ බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.
මීට අදාළ ශක්‍යතා වාර්තාව දැනට අවසන් කොට ඇත. දෙරට අතර වෙළෙඳාම වර්ධනය වී ඇති අතර, වෙළෙඳ ශේෂය චීනයට වාසිදායක ලෙස පවතී.