ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම සඳහා එක්වන ලෙසට ශ්‍රී ලංකාව නිල වශයෙන් කටාර් රාජ්‍යයෙන් ඉල්ලා ඇත.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කටාර් සංචාරයේදී කටාර් හා පාලක තමීන් බින් අහමඩ් අල් තානි එමීර්වරයා සමග පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡාවලදී ජනපතිවරයා මෙම ආරාධනාව කර තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය අලාභ මත පවත්වාගෙන යන ගුවන් සේවාවක් වෙයි.
කෙසේ වෙතත් ජනපතිවරයා කළ ඉල්ලීමට කටාර් එමීර්වරයාගේ විශේෂ අවධානය යොමුවූ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.