රුපියල් 2 කෝටි 60 ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්රී ලංකාවට ගෙන එමින් සිටියදී ශ්රී ලංකන් ගුවන් සමාගමේ කාර්යය මණ්ඩල නිලධාරියෙකු අද (19දා) දින කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. තම උදර ප්රදේශයේ සහ කකුල්හි බැඳගෙන ඔහු මෙම රත්රන් තොගය ශ්රී ලංකාවට ගෙනවිත් තිබේ.
සැකකරු 50 හැවිරිදි ගුවන් යානා කාර්යය මණ්ඩල සුපරීක්ෂකවරයෙකු (Cabin Crew Supervisor ) ලෙස සේවය කරයි. ඔහු 10/19 දින අලුයම 4.00 ට පමණ සෞදි අරාබියේ ජෙඩා සිට , ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. -282 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණ තිබුණි .
මෙම නිලධාරියා කරගෙන ගිය රත්තරන් ජාවාරම පිළිබඳව රේගු නිලධාරීන්ට දිගු කාලයක සිට ලැබුණ බුද්ධි තොරතුරුවලින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
කිලෝ 5.300ක් බර මෙම ස්වර්ණාභරණ තොගය විශේෂිත පටි වර්ගයක් භාවිතා කර තම උදර ප්රදේශයේ සහ කකුල් වල බැදගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .