ශ්‍රී ලංකන් මෙල්බර්න් යයි
ශ්‍රී ලංකන් ගුවන් සේවය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙත සෘජු ගුවන් ගමන් පහසුකම් ඊයේ (29දා) රාත්‍රී සිට ආරම්භ කළේය. මේ සඳහා ප්‍රථම මංගල ගුවන් යානය ඊයේ (29දා) රාත්‍රී 10.50 ට පමණ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා ගමන් ආරම්භ කළේය.
ඒ සඳහා මගීන් 285 ක් සහ නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය 16 දෙනෙකු ද එක් වී සිටියහ .මෙම ගුවන් ගමන සඳහා ව්‍යවසායකත්වය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන , ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අජිත් ඩයස් , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති කාවන් රත්නායක , ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විධායක අධ්යක්ෂ සුරේන් රත්වත්තේ මෙන්ම ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ද එක් ව සිටියහ.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් , වික්ටෝරියා , නිව් සවුත්වේල්ස් යන ප්‍රාන්ත වල ශ්‍රී ලාංකිකයන් ලක්ෂ දෙකකට වඩා වාසය කරන අතර , ඔවුන් එරට අධ්‍යාපන කටයුතු සහ එරට පුරවැසිභාවය ලද ශ්‍රී ලාංකිකයන් වේ.
ඉන්දියාවේ සිට ද ඕස්ට්‍රේලියාව වෙත සෘජු ගුවන් ගමන් පහසුකම් නොමැති නිසා කල්කටා , මුම්බායි , චෙන්නායි යන ප්‍රදේශ වල සිට ද විශාල ගුවන් මගීන් පිරිසක් මෙම ගුවන් සේවා පහසුකම ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව වෙත පිවිසීම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉලක්කය බව සභාපති අජිත් ඩයස් මහතා ප්‍රකාශ කළේය .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


