ශ්‍රී ලංකාව සහ නෝර්වේ, ස්වීඩන්, ඩෙන්මාර්ක් හා ෆින්ලන්තය යන රටවල් අතර මගී ගුවන් යානා මෙහෙයුම් සහ ගුවන් භාණ්ඩ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට අදාළව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මේ සඳහා අදාළ ගිවිසුම් 2013 හා 2015 යන වර්ෂවල අත්සන් කර ඇති අතර, ඒවා අත්සන් කිරීමටත්, බලාත්මක කිරීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.