ශ්රී ලංකන් ගුවන් යානයක බෝම්බ බියක් ඇති කළ පුද්ගලයෙකුට එරෙහිව වසර තුනක සිර දඩුවමක් ලබාදීමට එංගලන්තයේ චෙස්ල්ම්ස්ෆෝර්ඩ් අධිකරණය නියෝග කෙරිණි.
මෙසේ වසර තුනක සිර දඬුවමක් ලබා දී ඇත්තේ ඇලන් පැටේ නැමැත්තෙකුටයි.
‘හැලොව් ස්ටාර්’ පුවත් සේවය සඳහන් කළේ, සැකකරුගේ ලිපිනය පිළිබඳව නිශ්චිත සඳහනන් නොමැති බවයි. කෙසේ වෙතත් ඇලන් තමන්ට ඇති චෝදනා පිළිගෙන තිබේ.
කටුනායක සිට එංගලන්තයේ හීත්රො ගුවන්තොටුපළ බලා පසුගිය සැප්තැම්බර් මස 20 වැනිදා පියාසර කළ ගුවන් යානයේ සිටි සැකකරු බෝම්බ බියක් ඇතිකරමින් ගුවන් යානයේ නොසන්සුන්තාවක් ඇති කෙරිණි.
මේ හේතුවෙන් ශ්රී ලංකන් ගුවන් යානය ස්ටෑන්ස්ටෙඩ් ගුවන්තොටුපළෙට ගොඩ බැස්සවීමටත් කටයුතු කරන ලදී. එසෙක්ස් පොලීසිය විසින් එහිදී ඇල්න් හා තවත් 57 හැවැරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු නිදහස් කරනු ලැබූ බව බී.බී.සී. පුවත් සේවය වාර්තා කළේය.
ශ්රී ලංකන් ගුවන් යානය ස්ටෑන්ස්ටෙඩ් ගුවන්තොටුපොළේදී (ඡායාරූපය BBC ඇසුරෙනි.)