ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ගුවන් සේවයේ මේ වසරේ මාර්තු 31 වැනිදායින් අවසන් වූ වර්ෂයේ සමස්ත අලාභය රුපියල් මිලියන 32,000ක් ඉක්මවන බව ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ආයතනයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවෙයි.
මෙම අලාභය සිදුව තිබෙන්නේ 2013 වසරේ මාර්තු 31 වැනිදා සිට 2014 වසරේ සිට මාර්තු 31 වැනිදා දක්වා කාලය තුළදීය.
2012 වසරේ මාර්තු 31 වැනිදා සිට 2013 වසරේ මාර්තු 31 වැනිදා දක්වා කාලය තුළ එම ආයතනයේ අලාභය රුපියල් මිලියන 26,088.67 ක් විය.
2011 වසරේදී රුපියල් මිලියන 22,000 ක අලාභයක් සිදුව තිබෙන අතර, මේ අනුව ගෙවීගිය වසර තුනක කාලයේ අලාභය රුපියල් මිලියන 80,000 ක් ඉක්මවා තිබේ.
2012 වසරේ සහ 2013 වසරේ අලාභය ගණනය කිරීමේදී මේ වසරේ මාර්තු 31 වැනිදායින් අවසන් වන වසර තුළදී පසුගිය වසරට වඩා රුපියල් මිලියන 6000ක ට වැඩි අලාභයක් ලබා ඇති බවද ප්රකාශවේ.